අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක‍්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එංගලන්තය ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටියි.
ශ්‍රී ලංකාව මේ වන විට තරග 17 කට සහභාගි වී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. පළමු ස්ථානයේ සිටින එංගලන්තය තරග 18 කදී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 117 ක් හිමිකර ගෙන ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිටියි.
බංග්ලාදේශය, නෙදර්ලන්තය, කෙන්යාව, අයර්ලන්තය, කැනඩාව සහ ස්කොට්ලන්තය යන රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා සළකා බලන විට තරග අටකට සහභාගිවී නොමැති වීම නිසා ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නැත. 2009 වසරේ අගෝස්තු මස සිට පැවැති තරග මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව තිබේ.
අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම
|
රට |
රසාද ලකුණු |
| 1. |
එංගලන්තය |
127 |
| 2. |
ශ‍්‍රී ලංකාව |
126 |
| 3. |
නවසීලන්තය |
117 |
| 4. |
දකුණු අප‍්‍රිකාව |
113 |
| 5. |
ඉන්දියාව |
112 |
| 6. |
ඕස්ටේ‍්‍රලියාව |
111 |
| 7. |
පාකිස්තානය |
97 |
| 8. |
බටහිර ඉන්දීය කොදෙව් |
89 |
| 9. |
ඇෆ්ගනිස්තානය |
75 |
| 10. |
සිම්බාබ්වේ |
54 |