අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති’ යනුවෙන් පවත්වාගෙන යන ‘ට්විටර්’ සම්බන්ධතාව මගින් පණිවුඩයක් නිකුත් කර ඇති ශම්මි සිල්වා මහතා මේ වන විට ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වෙමින් සිටී.
“මාස 9 ක කාලයක් පුරා ‘නිරීක්‍ෂක’ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි. මේ අවස්ථාවේදී මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාණ්ඩලික රැස්වීමට සහභාගි වෙමින් සිටින්නෙමි” යයි ශම්මි සිල්වා මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.

