(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)
ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23) සම්මත විය.
යෝජනාවට පක්ෂව රටවල් 22 ඡන්දය දුන් අතර රටවල් 11ක් යෝජනායට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට විරුද්ධව) ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ යන රටවල් 22 ඡන්දය දුන්නේය.
බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල් 11 යෝජනාවට විරුද්ධව (ශ්‍රී ලංකාවට පක්ෂව) ඡන්දය දුන්නේය.
බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ රටවල් 14 ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගකීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය මැයෙන් මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිසෝනියාව මොන්ටිනිග්‍රෝ සහ මලාවි රාජ්‍ය විසිනි.
( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව රටවල් 22ක් විපක්ෂව තවත් රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ජීනිවා තනාපති ආරංචි මාර්ග කියයි.
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 6ක් ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව රටවල් 14ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.
ඉවත දමන්නැයි චීනය , රැසියාව , වෙනිසියුලාව ,පකිස්තානය , කියුබාව එම කවුන්සිලයට දන්වයි.
ජපානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.
අදාළ යෝජනාව පිළිබඳ කවුන්සිලයේ සාමාජික රටවල කරුණු දැක්වීම තවදුරටත් සිදු කෙරේ. ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්තාව සංශෝධනය කිරිම ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඉන්දිය රජයේ නියෝජිතයා කවුන්සිලය හමුවේ කියයි.

