ශ්‍රී ලංකාව ලකුණු 25 කින් පාකිස්තානය පරාජය කරයි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 25 ක ජයක් ලැබීය. මේ අනුව 1-1 ක් ලෙස තරගා වලිය සමතත්ත්වයට  පත්විය. ශ්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 7 ට 235 (උපුල් තරංග 77, තිලකරත්න ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 15, මහේල ජයවර්ධන 50, ජීවන් මෙන්ඩිස් නොදැවී 17, තිසර පෙරේරා 13, සයිඞ් අජ්මාල් 61/3, සහිඞ් අෆ්රිඩි 35/2) පාකිස්තානය  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 210 (මිස්බා උල් හක් 21, උමාර් අක්මාල් 91, සෆ්රාෂ් අහ්මඞ් 24, සහිඞ් අෆ්රිඩි 29, ලසිත් මාලිංග 36/3, තිසර පෙරේරා 30/2, දිල්හාර ප‍්‍රනාන්දු 54/2)