ශ්‍රී ලංකාව මාස 17 කට පසු ටෙස්ට් ක‍්‍රිකට් ජයක් ලබයි
ශ්‍රී ලංකාව පිල දකුණු අපි‍්‍රකාවට එරෙහිව අද (29) ඩර්බන්හිදී හිමිකරගත් ලකුණු 208 ක ටෙස්ට් ජය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජය මෙන්ම දකුණු අප‍්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය ද වේ.
ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය.
මෙය ශ්‍රී ලංකා පිල මව්බිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශියකදී ජය ලබා සිටියේය.
මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු තරග ජය මෙය වේ.

