ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව කරන ‘පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ’ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳි සිටීමට ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් සමත්ව සිටී.
වසර 2000 දී සම්මත කරගනු ලැබූ එක්සත් ජනපද පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංශෝධිත පනතට අනුව පුද්ගල ජාවාරම පිළිබඳව මෙම වාර්තාව වාර්ෂිකව සකස් කරනු ලබයි. එහිදි ප්‍රධාන ස්ථර තුනක් යටතේ රටවල් ශ්‍රේණිගත කරයි.
පුද්ගල ජාවාරම තුරන් කිරීම සඳහා එක්සත් ජනපද පුද්ගල වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ අවම ප්‍රමිත ද සම්පූර්ණයෙන්ම සපුරාලන ලද රටවල් පළමු ස්ථරයටත් එසේ සම්පූර්ණයෙන් අවම ප්‍රමිත සැපිරීමට නොහැකි වුවත් ඒ වෙනුවෙන් සැලිකය යුතු උත්සහායක් ගත් රටවල් දෙවැනි ස්ථරයටත් අයත් වේ.
දෙවැනි ස්ථරයේ අනු ස්ථරයක් වන අතර පුද්ගල වින්දිතයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන කොටස් ඊට අයත් වන කිසිදු උත්සහායක් නොගත් රටවල් තෙවැනි ස්ථරයට අයත් වේ.
055