ශ්‍රී ලංකාව නිරායුදකරණ සමුළුවේ පළමු සභාපති තනතුරට


ශ්‍රී ලංකාව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ 2018 වසරේ පළමු සභාපතිධුරයට පත්ව තිබේ. 
ශ්‍රී ලංකාව අවසානවරට එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ සභාපතිධුරයට පත්වූයේ 2007 වසරේදීය.

 
ලෝක ආරක්ෂාව සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පැවසීය. 


එහිදි තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මෙසේ ද කීය.


“ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක. මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ත්‍රස්තවාදීන් ඇතු`ඵව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුධ සමයෙන් පසුව ඇතිව ඇති වඩාත්ම බැරෑරුම් නි්‍යෂ්ටික ආයුධ තර්ජනය ආදිය ඉතා වැදගත් . මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරන සමු`ඵවට ඉතාමත් වැදගත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට පැහැදිළි අවස්ථාවක් උදාවී තිබෙනවා. එසේම සියල්ලන්හට ආරක්ෂාව උදාකරගැනීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සමු`ඵවෙහි ඇති විභවයන් යෙදෙවීම වෙනුවට ජාත්‍යන්තරතලයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් අනුව මෙම සමුඵවේ මූලික කාර්යයන් තීරණය කිරීමේ පෙළෙඹවීම් වලට හසු නොවන ලෙසද සමු`ඵවේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටිනවා” යැයි ද හෙතෙම කීය.

- 055