ශ්‍රී ලංකාව කඩුලූ 8 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී අද (13) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය. මේ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.
ළහිරු තිරිමාන්න විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 134 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැුස්කරමින් සිය පළමු එක්දින ශතකය රැුස්කළේය.  
 ඕස්ටේ‍්‍රලියාව  ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 170

(ජෝජ් බේලි 26, ඬේවිඞ් හසී 29, බ‍්‍රැඞ් හැඩින් 50, බෙන් කටින් 27, ඇන්ජලෝ මැතිව්ස් 24/2, තිසර පෙරේරා 40/2, ලසිත් මාලිංග 32/3)

ශ්‍රී ලංකාව  ඕවර 40.1 කදී කඩුලූ 2 ට 172

(තිලකරත්න ඩිල්ෂාන් 51, ළහිරු තිරිමාන්න නොදැවී 102, කුසල් ජනිත් නොදැවී 14)