(අජන්ත කුමාර අගලකඩ ඕස්ට්‍රේලියාවේ සිට)
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ජනපති හා ඕස්ට්‍රේලියා අගමැති අතර සාකච්ඡා පැවැත්වෙන අතර දෙරටෙහිම ඇමැතිවරුන් හා නිලධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වේ.
එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.






