ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද තරගය තීරණාත්මකයි


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (03) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එංගලන්ත ‘ඒ’ පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදීසිටීම නිසා ශ්‍රී ලංකා පිල අවසන් තරගය දක්වා තරගාවලියේ රැුදී සිටීමට නම් අද තරගය ජය ලැබිය යුතුය. මෙම තරගය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ තරගාවලිය දෙස බැලීමේදී මෙම තරගය වැදගත් වුව ද, ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වඩා වැදගත් බවයි. ‘‘අපේ කණ්ඩායමේ ප‍්‍රශ්නයක් තිබුණේ පන්දු යැවීමේ, මේ වන විට අපි පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් ලබාදී හොඳ තත්ත්වයට ගෙනත් තියෙනවා. අවසන් කණ්ඩායම අද (02) පස්වරුවේ පැවැත්වෙන රැස්වීමෙන් පසුව තීරණය කරනවා’’ යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. දෙවැනි තරගයේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තරගයක තහනමකට ලක්ව සිටි කෝසල කුලසේකර අද තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.