ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගය අද (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් දෙක තරග දෙක බැගින් ජය ලබා තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයේ තිබීම නිසා අද තරගයෙන් ජය ලබන කණ්ඩායමට තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව ලැබේ. දඹුල්ලේදී පැවැති පළමු සහ දෙවැනි තරග එංගලන්ත පිල ජය ලැබූ අතර කුරුණෑගලදී සහ කොළඹදී පැවැති තෙවැනි සහ සිවුවැනි තරග ශ්‍රී ලංකා ‘ඒ’ පිල ජය ලැබීය.
සිවුවැනි තරගය කඩුලූ හතරකින් ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පැවසුවේ තරගාවලිය සම කිරීම පිළිබඳව ගොඩක් සතුටු වන බවත් කණ්ඩායමක් හැටියට තම කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක සිටින බවයි.
මෙම තරගාවලියේදී නවක පිතිකරුවන් රැුසක් දස්කම් දැක්වීම පිළිබඳව කළුවිතාරණ මහතා මෙසේ පැවසීය.
‘‘නවක ක‍්‍රීඩකයන් කීප දෙනෙක් හැකියාව පෙන්නුවා. නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණම, ලකුණු 30 ක් 40 ක් රැුස් කළාට මදී, තරග අවසන් කරන ක‍්‍රීඩකයෝ බවට පත්වෙන්න ඕනේ. පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කරනවා නම් තරගයේ ජයග‍්‍රහණය දක්වා ගෙනයා යුතුයි’
සුරාජ් රන්දීව් සිවුවැනි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා වමතින් පා දඟ පන්දු යවන සජීව වීරකෝන් සංචිතයට කැඳවා තිබේ.

