ශ්‍රී ලංකා සිට්ටු හොරෙක් ඉතාලියේ


ඉතාලියේ විචෙන්සා ඇතුළු නගර දෙකක ශ්‍රී ලාංකිකයන් අතර සිට්ටු දමා යුරෝ අසූ දහසක් හෙවත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළැයි කියන සංක්‍රමණිකයකු එම මුදල් ඉල්ලන විට පරුෂ වචනයෙන් බැනවැදී හැකි ලෙසකින් ගන්නා ලෙස කියිතියි ඔහුට අසුවූවෝ කියති. ඔහු ඉතාලියේ පාදෝවා නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිට්ටු දැමීම අරඹා ඇත. සීට්ටු දැමීම ඉතාලියේ නීති විරෝධී ක්‍රියාවකි.  තමන්ට ඉතාලි නීතියෙන් පිළිසරණක් නොමැති  බැවින් සීට්ටු වංචාවට හසු වූ අය ශ්‍රි ලංකාවේ ආරකෂක අමාත්‍යංශයට, විදේශ අමාත්‍යංශයට හා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට එම ශ්‍රී ලාංකිකයා ගැන දන්වූ ඔවුහු සහනයක් බලාපොරොත්තු වෙති. ඔහු ඉතාලියට ගියේ කිරිබත්ගොඩිනි.  සිට්ටු දැමූ ඇතැමෙක් ගුටි බැට හුවමාරුකැර ගත් බවත් කියති. මිලානෝ, නාපොලි හා කටානියා නගරවලින් ද සීට්ටු දැමීමෙන් යුරෝ දහස් ගණන් වංචා කළ ශ්‍රී ලාංකිකයන් සිටින බව වාර්තාවෙයි.