ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රශ්නයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට දින 30 ක් පාර්ලිමේන්තුව තහනම්


එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින්  අද  (24) එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළහ.
 
මේ අනුව එක්සත් රාජධානියේ ‘ඩිමොක්‍රටික් යුනියනිස්ට්’ පක්ෂයේ මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට සභාවාර පැවැත්වෙන දින 30ක් පාර්ලිමේන්තුව තාවකාලිකව තහනම් වන අතර පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට ද ‘ඩිමොක්‍රටික් යුනියනිස්ට්’ පක්ෂය පියවර ගෙන තිබේ.
 
වසර 2013 දී ශ්‍රී ලංකාවේ කරන ලද සංචාර දෙකක් සඳහා මෙරට රජය කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් ඉයන් පෙයිස්ලිට චෝදනා එල්ල විය. ඉයන් පෙයිස්ලි සහ ඔහුගේ පවුල අවස්ථා දෙකකදී මෙරට සංචාරය කර තිබෙන අතර අදාළ සංචාරවල වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය බව පැවසේ.
 
මෙම තාවකාලික තහනමත් සමඟ ඉයන් පෙයිස්ලිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉතා වැදගත් විවාද කිහිපයක් ද මඟහැරේ.
 
“කනගාටුදායක අයුරින් රාජ්‍ය කටයුතු සිදුවීමක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කතානායක ජෝන් බර්කව් පැවැසීය.
ඉයන් පෙයිස්ලිගේ සිදුවීම ‘දරුණු අවකල්ක්‍රියාවක්’ මෙහිදි අදහස් දැක්වූ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ ‘සම්මත’ සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ සභාපති ශ්‍රීමත් කෙවින් බාරෝන් සඳහන් කළේය. අදාළ චෝදනාවලට ඉයන් පෙයිස්ලි මන්ත්‍රීවරයා වරදකරු බව ද හෙතෙම කීය.
 
මේ අතර ඉයන් පෙයිස්ලි මන්ත්‍රීවරයාට තම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන තත්ත්වයක් ද උද්ගත වී තිබේ.
 
බී.බී.සී

055