(විනීතා එම්. ගමගේ)
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ දී සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීම හෝ ඊට කවර හෝ ලෙසකින් දායකවීම හෝ වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එහි සාමාජික සියලු වෛද්‍යවරුන්ට දන්වා යවා ඇත.
මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට දරුණු ලබන කඩිනම් ප‍්‍රයත්නය මඟින් වෛද්‍ය වෘත්තීයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සංගමයේ අවධානය යොමු කළ බව ද එම සංගමය කියයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (5) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත. එම සංගමයේ වැඩබලන සභාපති වෛද්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඊට අස්සන් කර ඇත.
ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප‍්‍රශ්න කරමින් සිටින බව එම සංගමය ද ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප‍්‍රශ්න කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙවන් තත්ත්වයක් යටතේ සිරකරුවන් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වන යහපත් සමාජයීය පරමාර්ථ තිබේ නම් එවැනි පරමාර්ථ සපූරා ගත හැකි වෙනත් සුදුසු ක‍්‍රමවේද පිළිබඳ වූ කතිකාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද එම සංගමය ඉල්ලා සිටී.
මෙවන් පසුබිමක් තුළ ඉක්මන් තීරණවලට නොඑළඹෙන ලෙසත් දැනට ජනතාව අතර මේ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදය ඉදිරියට යාමට සළසා ඒ සඳහා අර්ථාන්විත කරුණුවලින් දායක යන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

