
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුල එකතු කල ඉහලම ආදායම වාර්තා කළ බව රේගුව අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක බදු මුදලක් ඊයේ රැස්කළ බවත් මෙම වසරේ වසරේදී මේ දක්වා කාලයේ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.
මෙම වසරේ (2025 ) රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

