ශ්‍රී ලංකා රග්බි පිලේ නව පුහුණුකරු ප්ලීසිස්


ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික රවින් ඩූ ප්ලීසිස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. ලබන අපේ‍්‍රල් මස පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රටවල් 5 අතර තරගාවලිය ඉලක්ක කරමින් මෙම පත්කිරීම කර තිබේ.

ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවකු වන රවින් ඩූ ප්ලීසිස් මහතා දකුණු අප‍්‍රිකාව සහ එක්සත් අරාබි යන කණ්ඩායම්වල පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කර තිබේ. දකුණු අප‍්‍රිකානු සහ නවසීලන්ත රග්බි කේෂත‍්‍රයේ නිලධාරියකු ලෙස ද රවින් ඩූ ප්ලීසිස් මහතාට වසර 15 ක් පමණ පළපුරුද්දක් තිබේ.