ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයාට බැංකොක් නුවරදී දඩ
තායිලන්තයේ ”බැංකොක්” නගරයේ පැවැති රග්බි තරගාවලියකට සහභාගි වී සිටි මෙරට පාසල් රග්බි කී‍්‍රඩකයෙකුට එහි සාප්පු සංකීර්ණයකින් භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ”බාත්” (තායිලන්ත මුදල් ඒකකය) දස දහසක දඩයක් ගසා ඇතැයි වාර්තා වේ.
එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 40,000කට ආසන්න මුදලකි. මෙරට රග්බි පුහුණු පාසලක් සංවිධානය කළ මෙම බැංකොක් තරග සංචාරයට මෙරට පාසල් සිසුන් වන රග්බි ක‍්‍රීඩකයන් විශාල පිරිසක් සමග රග්බි පුහුණුකරුවන් රැුසක්ද සහභාගි වී තිබේ.
මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් අනුමැතිය ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප වී තිබෙන බව දැන ගන්නට ඇත. කෙසේ වුවත් අදාළ රග්බි පුහුණු පාසල වාර්ෂිකව මෙම තරග සංචාරයට සහභාගි වන බවත් වාර්තා වේ.
මෙලෙස භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ලක්වූ බව පැවසෙන ක‍්‍රීඩකයා කොළඹ ජනප‍්‍රිය පාසලක සිසුවෙකි.

