ශ්‍රී ලංකා යෝජනාවට ඕස්ට්‍රේලියාවෙත් සහාය


අමෙරිකාවේ ප‍්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කළ යෝජනාවට සම දායකත්වය ලබා දීමට  ඕස්ටේ‍්‍රලියාව තීරණය කර ඇතැයි  ඕස්ටේ‍්‍රලියා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිය රජයේ සහයෝගය ලබා දෙන බව  ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍ය ජූලි බිෂොප් නිල නිවේදනයකින් කියා සිටින බව එම පුවත්පත කියයි.

පසුගිය 24 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස්වැනි සැසිවාරයට අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ එම යෝජනාව මඟින් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය සඳහා දිරිමත් කිරීමක් සිදුවන බවද  ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය පෙන්වා දෙයි.