ශ්‍රී ලංකා මල් ප්‍රංශ පුවත්පතේ


ප‍්‍රංශයේ දිනපතා පලවන පුවත් පත් අතරින් නොමිලේ බෙදහරින ප්‍රසිද්ධ ටැබ්ලොයිඞ් පුවත් පතකි. ඩිරෙක්ට් මතෑන් එම ප‍්‍රංශ හැදින්වීම අපේ බසට අනුව ‘අලූයම ‘ යන්න ආසන්න තේරුමයි.

දිනකට ලක්ෂ පහකට ආසන්න පාඨකයන් අතරට පැමිණෙන මෙම පුවත් පත ප‍්‍රංශයේ කෝටිපති ව්‍යාපාරික වැන්සන් බොලේරෝගේ ව්‍යාපාරික ආයෝජනයේ අතුරු ප‍්‍රථිපලයකි.

සියලූම විෂයන් ආවරණය කරමින් මුද්‍රිත මෙම කුඩා පුවත් පතේ එදිනෙදා  ලෝකයේ සිදුවන වැදගත්, විශ්මය ජනක, අනර්ගතම , සුවිශේෂි සිදුවීමක ඡායා රූපයක් දිනයේ හොදම ඡායා රූපය ලෙස දෙවැනි පිටුවේ පළ කරයි.

පසුගිය පෙබරවාරී 05 වැනිදා එම ඡායාරූපයේ ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීය.

පසුගිය පෙබරවාරි 04 වැනිදා කෑගල්ල නගරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ 66 වන නිදහස් සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියේ ඡායාරූප එහි පළ කැර තිබිණි.

ශ්‍රී ලංකා හමුදාවේ සුන්දර මල් යනුවෙන් එම ඡායාරූප හඳුන්වා තිබිණි.

ප‍්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන මල්  මෙන් රකින රටකි. අපේ මල් ගැනත් ඔවුන් කතා කරති .