ශ්‍රී ලංකා පිලට ලකුණු 300 ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 299 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේදී තිසර පෙරේරා (34/2) සහ රංගන හේරත් (45/2) කඩුලූ දෙක බැගින් ලබා ගත්හ. සචිත‍්‍ර සේනානායක සිය මංගල එක්දින තරගයේදී කඩුලූ ලබා ගැනීමට නොහැකි විය.

