ශ්‍රී ලංකා පිල ලකුණු 208 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරයි


ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 208 ක ජයක් ලැබූහ. තරගයේ සිවුවැනි දිනය වු ඊයේ (29) ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක ඉලක්කය හඹාගිය දකුණු අප‍්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ජයග‍්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය. දකුණු අප‍්‍රිකාවේ ටෙස්ට් සංචාර හතරකට සහභාගි වූ ශ්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය මෙය වේ. මෙම ජයග‍්‍රහණය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණය වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය. මෙය ශ්‍රී ලංකා පිල මවුබිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශයකදී ජය ලබා සිටියේය. මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු ජය මෙය වේ. රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 79 කට කඩුලූ පහක් සමගින් ඉනිම දෙකේදී 128 කට කඩුලූ නවයක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය. දකුණු අප‍්‍රිකානු පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් හය දෙනාම ලකුණු 133 කට දැවී යෑමෙන් පසු ඒ. බී. ඩිවිලියර්ස් සහ ඬේල් ස්ටේන් එකතුව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 99 සම්බන්ධතාවක් පවත්වමින් තරගය පස්වැනි දිනය දක්වා රැගෙන යෑමට අව්‍යශ පසුබිම සකස් කිරීමට සමත් වූහ. ඩිවිලියර්ස්ගේ සහ ස්ටේන්ගේ උත්සාහය සුණුවිසුණු කළ රංගන හේරත් සිවුවැනි දිනයේ අවසන්  ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී අවසන් කඩුලූ දෙකම දවා ගනිමින් දිනක විවේකයක් ගෙන දෙමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ හතක් දැවී ලකුණු 256 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 279 ක සීමා විය. දකුණු අප‍්‍රිකාව ලකුණු 450 ක ඉලක්කය සම්පූර්ණ කළේ නම් සිවුවැනි ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ කණ්ඩායම ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් පිල 2003 වසරේ මැයි මස 13 වැනිදා ඇන්ටිගුවාහිදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිවුවැනි ඉනිමේදී ලකුණු 418 ක් රැස්කරමින් කඩුලූ තුනක ජයක් ලබමින් සිවුවැනි ඉනිමේදී වැඩිම ජයග‍්‍රාහි ලෝක වාර්තාවට හිමිකම් කියයි. දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා කේප් ටවුන්හිදී ආරම්භ වේ. රංගන හේරත්