ශ්‍රී ලංකා පිල දෙවැනි එක්දින තරගයත් පරදියි


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට සමත්විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 48.4 කදී කඩුලූ පහක් දැවී ජයග‍්‍රහණය ලැබීය. පෝල් ඩුමිනි (නොදැවී 66) සහ හසීම් අම්ලා (55) දකුණු අප‍්‍රිකානු පිලට ජය ගෙන දුන්හ. ශ්‍රී ලංකා ඉනිමේදී යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 115 කදී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 92 ක් ලබා ගැනීමට සමත්විය. උපුල් තරංග ලකුණු 66 ක් ලැබීය. ශ්‍රී ලංකා පිල  ඕවර 50 කදී කඩුලූ 6 ට 236 දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 48.4 කදී කඩුලූ 5 ට 237