ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ට 50 යි
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය. ඒ වන විට උපුල් තරංග (නොදැවී 19) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 9) පන්දුවට පහර දෙමින් සිටියහ. නායක තිලකරත්න ඩිල්ෂාන් (4) සහ කුමාර් සංගක්කාර (5) දැවී ගිය පිතිකරුවෝ වෙති.

