ශ්‍රී ලංකා පිල අසීරු තත්වයක
සංචාරක ඕස්්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (2) ලකුණු 379 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 120 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් අතැතිව ජයග‍්‍රාහණයට තවත් ලකුණු 259 ක් ලබාගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට දින දෙකක කාලයක්ද ඉතිරිව තිබේ. දිනය අවසානයේ මහේල ජයවර්ධන (නොදැවී 57) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 32) හය වැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්‍ධතාවක් එක් කරමින් පන්දුවට පහර දෙමින් සිටියහ.

