(සිරාජ් හසීම්)
රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අද (19) පැවසීය.
එමෙන්ම ජාතික කොඩිය ගැන විවේචන ඇතත් එය පිළිනොගෙන සිටිය නොහැකි බව පෙන්වා දුන් සිද්ධාර්ථන් මහතා එම ධජය පිළිගැනීම හෝ නොපිළිගැනීම එකිනෙකාගේ කැමැත්ත බවද සඳහන් කළේය.
වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සිද්ධාර්ථන් මහතාගෙන් කරන ලද අදහස් විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

