ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට එයි


ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (227/3) අද (07) පැවැති තරගයේදී ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල (199/4) පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග හයෙන් තරග පහක් ජය ලැබූ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. චන්දන සූරිආරච්චි (92) සහ චන්දන දේශප‍්‍රිය (54) කොදෙව් පිලට එරෙහිව අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.