(තිළිණි ද සිල්වා)
විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 11 ක කොන්සියුලර් සේවාවන් හෙට (16) සිට සීමා කීරීමට විදේශ සබදතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයකට පත්ව සහ යුරෝපා සංගමයට අයත් රටවල්වල සීඝ්‍රයෙන් පැතීරී යන කොරෝනා වෛරසය හේතුවෙන් එම සංගමයට අයත් රටවල් 10ක හා මැදපෙරදිග කලාපයේ සහ ආසියා කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල එම සේවාවන් මෙලෙස සීමාකර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එය අද (16) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඉතාලිය , ඉරානය , දකුණු කොරියාව , ප්‍රංශය , ස්පාඤ්ඤය , ජර්මනිය , ස්විට්සර්ලන්තය , ඩෙන්මාර්කය , නෙදර්ලන්තය , ස්වීඩනය , ඔස්ට්‍රියාව යන රටවල අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවා හැරුණු වෙනත් කටයුතු සිදු නොකෙරෙන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
එම තානාපති කාර්යාලවලට පැමිණෙන ලාංකිකයින් අතර වයිරසය පැතිරීම වළක්වාලීමට කොන්සියුලර් සේවා සීමා වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
මෙම සීමා කිරීම් හමුවේ එම තානාපති කාර්යාලය වලින් සිදු කරනුයේ තාවකාලික හදිසි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම , ලාංකිකයින්ගේ හදිසි මරණ වලට අදාළ ලිපි ලේඛන නිකුත් කිරීම සහ සහතික කිරීම පමණක් බවද අමාත්‍යාංශය දන්වා සිටී.

