ශ්‍රී ලංකා දැල්පන්දු පිල සිවුවැනි තැනට
සිංගප්පුරුවේදී පැවැති නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට සිවුවැනි ස්ථානය හිමිවිය. තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පෙරේදා (8) පැවැති තරගයෙන් නැමීබියාව ලකුණු 76/70 ක තියුණු ජයක් ලැබීය.

