විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ.
රටවල් 191ක් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන අතර බොහෝ සාමාජික රටවල් ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි හා පාර්සල් මෙරටට එවීම නවත්වා ඇතැයි වාර්තාවේ.
ඒ වෙනුවට බොහොමයක් රටවල පාර්සල් ප්‍රවාහන සේවාවන් තෝරා ගෙන ඇතැයි ද පැවැසේ. මේ තත්ත්වය උදා වී ඇත්තේ තැපැල් සේවකයින් විසින් ඉකුත් 11 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතතුවෙනි.