ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අජන්ත එයි තිලාන් හැලෙයි
දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක‍්‍රිඩක අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. මැඳ පෙළ පිතිකරු තිලාන් සමරවීරට සංචිතයේ ස්ථානය අහිමිව තිබෙන අතර නායක තිලකරත්න ඩිල්ෂාන් මෙම තරග සංචාරයේද නායකයා ලෙස කටයුතු කරයි.
ආබාධයකට ලක්ව සිටින කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට කෞෂාල් සිල්වා කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායකයා), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, චානක වෙලගෙදර, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත්

