ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සිවුවැනි එක්දින තරගය ජය ගනිති
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ.
ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 48.4 කදී ලකුණු 304 ක් ලබා ජයග‍්‍රහණය වාර්තා කළේය. තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 69 ක් නොදැවී ලබා ගත්තේය. තිසර තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. තිසර පන්දු 44 කදී ලබාගත් ලකුණු 66 ට හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් ඇතුළත්විය.
තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් මෙම තරගයේද ලකුණු 59 ක් ලබා ගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 87 කට දැවී ගියේය. කෙසේ වෙතත් තරගාවලිය 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා සිටියි.

