ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දකුණු අප‍්‍රිකාවේදී අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යති


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල 258 ක විශිෂ්ට ජයක් ලැබීය. ලකුණු 302 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියලූ පිතිකරුවෝ  ඕවර 20.1 කදී ලකුණු 43 කට දැවී ගියහ.  එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයවන අතර 1986 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ලකුණු 55 කට දැවී ගොස් තිබිණ. අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. ශ්‍රී ලංකා ඉනිමේ කෝසල කුලසේකර ලබාගත් ලකුණු 19 හැරුණු විට සෙසු සියලූ පිතිකරුවෝ ලකුණු 6 සීමාව පසු කිරීමට අසමත්වුහ.