ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි විස්සයි-20 තරගයේදී තියුණු පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බාර්බඩෝස්හිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ලැබූ කොදෙව් පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 129 (ස්ටෙෆෙනි ටේලර් 62, ජූලියානා නීරෝ 29, එස්. කැම්බල් නොදැවී 22, චන්දිමා ගුණරත්න 20/2)ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 122 (දීපිකා රසංගිකා 39, ඉනෝකා ගලගෙදර 25, චමනි සෙනෙවිරත්න 25, ස්ටෙෆෙනි ටේලර් 23/3)

