ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි එක්දින තරග ජයත්
සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (13) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 2 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට මේ වන විටත් ශ්‍රී ලංකා කාන්තා පිල සමත්ව සිටියි.
ශ්‍රී ලංකා පිල ලකුණු 189 ක ජයග‍්‍රාහී ඉලක්කය ඕවර 41.4 ක් අවසානයේදී කඩුලූ අටක් දැවී සපුරා ගැනීමට සමත්විය. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේද තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 47 ක් සහ කඩුලූ තුනක් ලබා ගැනීමට සමත්වුවාය.
එහිදී ශෂිකලා සහ නායිකා ඩිලානි මනෝදරා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්‍ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්වුහ.
බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 188 (සාතිරා ජාකීර් 18, අයීෂා අක්තාර් 24, සල්මා කාතූන් 56, ලටා මොන්දාල් 41, ෂරීනා රවිකුමාර් 37/2, ශෂිකලා සිරිවර්ධන 27/3)
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 44.4 කදී කඩුලූ 8 ක් දැවී 191 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 24, චමරි අතපත්තු 18, සඳමාලි දොලවත්ත 17, ශෂිකලා සිරිවර්ධන 47, ඩිලානි මනෝදරා 34, ඉෂානි කෞෂල්‍යා 18, සුක්තරා රහමන් 41/2, සල්මා කාතූන් 25/2)

