ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා පොල්ගම්පොළ කැපෙයි


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට (2011) සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලෙන් ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක‍්‍රීඩිකා චමරි පොල්ගම්පොළ ඉවත් කර තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආනාගතය තීරණය වන තරගාවලියක් ලෙස හැදින්විය හැකි මෙම තරගාවලියෙන් පොල්ගම්පොළව ඉවත් කරමින් දිගින් දිගටම කණ්ඩායමේ සිටිමින් ආසාර්ථක වූ ක‍්‍රීඩිකාවන් සහ නවක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු ඇතුළත් කර තිබේ. වමතින් පිත්ත හසුරුවන පොල්ගම්පොළ දකුණතින් මද වේග පන්දු යවන්නියක් ලෙස ද දස්කම් දක්වා තිබේ. ඇය මේ වන විට එක්දින තරග 47 කට සහභාගි වී ලකුණු 657 ක් රැස්කර ඇති අතර කඩුලූ 29 ක්ද දවා ගැනීමට සමත්ව සිටින්නීය. පසුගිය ප‍්‍රධානතම තරගාවලියේදී තරග 5 කදීම ඇය කඩුල්ල රැකගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම: ඩිලාන් මනෝදර (නායිකාව), සඳමාලි දොළවත්ත (උප නායිකාව), ඉනෝකා ගලගෙදර, ප‍්‍රසාදිනී වීරක්කොඩි, චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන, සුවිනි ද අල්විස්, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, ෂෙරීනා රවිකුමාර්, යශෝධා මෙන්ඩිස්, උදේශිකා ප‍්‍රබෝදනි සහ ලසන්ති මධුෂානි.