
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ලබන ජූලි මස පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට අද (24) සමත් විය.
මැලේසියාවේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 22 කින් බංග්ලාදේශය පරාජය කරමින් සුදුසුකම් සපුරාගත්හ.

