ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සංශෝධන


ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්  සංශෝධන  කිහිපයක් සිදු  කිරීමට බලාපොරොත්තු වන  බව  සිංගප්පූරු අගමැති  ලී සියැන් ලූන්ග්  මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සඳහන් කර ඇත.
 
එම ගිවිසුම් ප්‍රඥප්ති සැකසීමේදී ශ්‍රී ලංකා පාර්ශවයෙන්  සිදු වී ඇති අතපසුවීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස  වෙනස්කම් සිදු කරන බවද එහිදී ජනාධිපතිවරයා එරට අගමැතිවරයාට දැනුම් දී තිබේ.
 
එරට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අද (25) පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර  ඇත.

( ඩේලි මීරර් ඇසුරෙනි)


(36698)