
(රොෂාන් දිලිප් කුමාර)
කසක්ස්ථානයේ ජාතිත ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීම මත්තල ගුවන් තොටුපලින් අද(06) ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කලේ මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාද මේ අවස්ථාවට එක් විය.
කසක්ස්ථානයේ අල්මාට් ගුවන්තොටුපලේ සිට KC 565 දරණ ගුවන්යානය අද පෙරවරු 10.50ට කසක්ස්ථාන සංචාරකයින් 160 දෙනෙකු රැගෙන දිවයිනට පැමින තිබේ. එයාර් අස්තානා ගුවන් සේවය 2012 දී ලෝක ගුවන්සේවා සම්මාන උලෙලේදී තරු 4 ශ්‍රේණිගත කිරීමක් රුසියාවෙන් ලබා දී තිබෙන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සහ නැගෙනහිර යුරෝපයේ ප්‍රථම ගුවන්සේවයට පත් වී ඇත. තවද මධ්‍යම ආසියාවේ සහ ඉන්දියාවේ හොඳම ගුවන්සේවය ලෙසද නම් දරා තිබේ.


