ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක්


ශ්‍රී ලංකාව හා ඉරානය අතර පවතින පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරට අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් සහ ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡාවක දී මේ බව කතාබහට ලක්වී ඇත.

මොස්කව්හීදී පැවැත්වෙන හයවැනි ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සාකච්ඡාව පැවත්විණි. බදාදා(27) ආරම්භ වූ මෙම සම්ම්න්ත්‍රණයට විවිධ රටවල ඉහළ ආරක්ෂක නිලධාරීහු සහ විශේෂඥයෝ රැසක් සහභාගී වූහ.  

ආරක්ෂක ගැටළුවලට උපදෙස් ගැනීම සඳහා මෙම සම්ම්න්ත්‍රණයේ එක් අපේක්ෂාවකි.