ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අතුරු පාලක මණ්ඩලයක්


ඩයනා උදයංගනී
 
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව නිලධාරී මණ්ලයක් පත්කරන තුරු කෙටි කාලයක් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම මස 25 වැනිදා රැස්වීමට නියමිත අතර එහිදී රැස්වන්නේ එම අතුරු පාලක මණ්ඩලය බවද අමාත්‍යවරයා ස`දහන් කළේය.
 
මෙහි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකයින් කිහිප දෙනෙකු පසුගිය දා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් අතර එහි වත්මන් ප‍්‍රධාන විධායක  නිලධාරීවරයාද ඉවත් කර මෙම අතුරු පාලක මණ්ඩලය පත්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී අද (10)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.