ශ්‍රී පාද වන්දනාව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්


(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මේ අනුව ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන්නේ ලබන 18 වැනි දා සිට ලබන වසරේ මැයි 16 වෙනිදා දක්වාය.

ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත.