ශ්‍රී පාද පියගැටපෙළට කුණු කන්දක් කඩාවැටෙයි


(රංජිත් රාජපක්‍ෂ )
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කන්දක් කඩා වැටිමෙන් අවහිර වි ඇති ශ්‍රී පාද පියගැට පෙළ කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව  ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති.

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලූව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ වැලවිට වංගුව ප‍්‍රදේශයට ශ්‍රී පාද උඩමළුවේ සිට පහළට කඩාගෙනවිත් තැන්පත් වි ඇති කැළි කසල කඩිනමින් ඉවත් කර අලාභ හානි සිදුවි ඇති පියගැට පෙළ යලි යථාතත්ත්වය පත් කරන බව

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධමිමදින්න හිමියෝ කීහ. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩමළුව ප‍්‍රදේශයට ගෙන ගොස් මුදාහැර තිබු කැළ කසල සහ ඝණ අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සදහා එක්රැස් කර තිබියදි මෙසේ පහළට කඩාගෙනවිත් ඇත.

මේ දිනවල අවාරේ නිසා එම කැළි කසල කන්ද කඩා වැටිමෙන් කිසිවකුටත් බාධාවක් නොවන අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති කැළි කසල පස් හා උඩමළුවේ ඉතිරිව තිබෙන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් ආරක්‍ෂක අංශ නිලධාරින්, රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරින් හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පැවසූහ.