ශ්‍රී. ල. නි. ප මැයි දින සැමරුම හෙට පදනම් ආයතනයේදී


(ඩයනා උදයංගනී)
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙට (1) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
 
මෙවර රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි දින පෙළපාලිය සහ රැස්වීම නොපැවැත්වීමට පක්ෂ මැයි දින කමිටුව තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
 
ආරක්ෂිත මව්බිමක්-ජවය පිරි වැඩබිමක් තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට පිං පැමිණවීම සිදුකරන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 (ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා )