රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
‘‘ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් හෙට ඉවත් වෙනවානම් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්වී ආණ්ඩුව කරන්න ලැස්තියි‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (15) නාරාහේන්පිට අභයාරාමයේ හිටපු ජනාධිපතිට සෙත් පතා සිඳුකළ බෝධි පුජාවක් අවසන් වී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති කියා සිටියේ අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි තමා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසවා එය අසත්‍ය ප්‍රකාශයක් බවද හෙතෙම කීය.