අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය වෙනුවට ලබන 3 වැනිදාට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අද (17) රාත්‍රීයේ තීරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී රැස්වු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ලබන මස 3 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය වු බව ඔහු සඳහන් කළේය.
තාවකාලිකව නිලධාරි මණ්ඩලය පත් කරගැනීමටත් පසුව දෙසැම්බර් 2 වැනිදාට පෙර පක්ෂයේ ප්‍රතිසංවිධානයක් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඩිලාන් පෙරේරා මහතා කීවේය.
මේ අතර ලංකාදිපයට කළ විමසුමකදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලබන මස 3 වැනිදා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පසු අගෝස්තු 20 වැනිදා ට පෙර පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල කැඳවීමටද තීරණය කළ බව පැවසීය.
පක්ෂය පූර්ව ප්‍රතිසංවිධානය කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වැනිදාට පෙර විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව රැස්වී ස්ථීර නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .ඩි.ජේ සෙනවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද බව කී මන්ත්‍රීවරයා ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන දිනය තීරණය කළ හැක්කේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 23 දෙනා යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කීවේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද හිටපු අගමැති දී.මු ජයරත්න මහතාද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
මේ අතර පක්ෂයේ සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.