ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ.
ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ලබා දුන්නේය.
පත් වීම් ලැබු සෙසු පිරිස වූයේ
- නුවරඑළිය ආසන සම සංවිධායක - රොෂාන් ගුණවර්ධන මහතා
- මහනුවර දිස්ත්‍රික්කය - සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා
- ගම්පහ දිස්ත්‍රික්ය - ප්‍රදීප් චන්දන පෙරේරා මහතා, නලින් සේනක දිසානායක මහතා
- කොළඹ දිස්ත්‍රික්කය - චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය
- ගාල්ල දිස්ත්‍රික්කය - අසාම් හමාඩ් මහතා
- අනුරාධපුර දිස්ත්‍රික්කය - එම්.ආර්.බී. ඥානතිලක මහතා
- පුත්තලම දිස්ත්‍රික්කය - මල්පිනී විතාරණ මහත්මිය
- ගාල්ල දිස්ත්‍රික්කය - පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය
- නින්දවූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය - වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා
- රත්නපුර දිස්ත්‍රික්කය - සමන් ඉන්දික මානවගේමහතා, කේ.එම්.එස්.එස්. රත්නායක මහතා
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - එම්.එච්.එම් සහීල් මහතා
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මුස්ලිම් ජන ප්‍රදේශය - අබ්දුල් මජීඩ් ජාහීර් මහතා
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කය,තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය - එස්.විග්නේෂ්වරන් මහතා
- මඩකලපුව දිස්ත්‍රික්කය - එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා
- මහනුවර දිස්ත්‍රික්කය - අලගර් සෙල්වකුමාරන් මහතා
- රත්නපුර දිස්ත්‍රික්කය - නිමල් ගාමිණී වීරසිංහ මහතා

