( සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (09) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙයි.
මෙම රැස්වීමේදී තීරණාත්මක දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු දේශපාලන කරුණු ගනණාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.