ශ්‍රිලනිප භාණ්ඩාගාරික තනතුරට එස්බී දිසානායක


(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පත්කර තිබේ. 

පක්ෂයේ ජෙෂ්‍යඨ උප සභාපති වරුන් ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ. 

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර  එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කෙරිණි.