සුජිත් හේවාජුලිගේ සහා ආරියරත්න රණබාහු
අලුතින් පත් කෙරුණු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.
මෙයට අමතරව ජාතික සහජිවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක මුදලක් අනුමත කර ගැනීම සඳහා ද පරිපුරක ඇස්තමේන්තුවක් අද (19) ඉදිරපත් කෙරිණි.