
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ 'ගැන් දූපත' වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL119 ගුවන් යානය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10.40ට කොළඹ සිට 'ගැන්' දක්වා පිටත් වන අතර, එය එදිනම පස්වරු 13.05ට 'ගැන්' සිට කොළඹ බලා පැමිණෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී.
ඉකුත් 04 වැනිදා සිට සතිපතා එම දූපත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.



